English|தமிழ்

STATE MINISTRY OF RURAL AND SCHOOL SPORTS INFRASTRUCTURE IMPROVEMENT

  • මුල් පිටුව
  • අප පිළිබඳව
    • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ආයතනික ව්‍යුහය
    • පාඨමාලා
    • වෙනත් සේවාවන
    • CSR
  • පුහුණු වැඩසටහන්
    • නියමිත වැඩසටහන්
    • ඉල්ලීම මත වැඩසටහන්
  • අපගේ පහසුකම්
    • දළ විශ්ලේෂණය
    • පුස්තකාලය
    • සම්ම්න්ත්‍රණ ශාලාව
    • දේශන ශාලාව
    • ශක්ති වර්ධන ශාලාව
    • ඩාන්ස් ඒරෝබික්ස්
  • විභාග ප්‍රතිඵල
  • වාර්තා
    • ජාතික වාර්තා
    • අන්තර්ජාතික වාර්තා
  • ක්‍රිඩා කලාභවන
    • ඡායාරූප
    • වීඩියෝ
  • අප අමතන්න

අප පිළිබඳව

CSR
 
ශරීරසුවතා උපදේශන ඒකකය - Total Body Assessment Free of Charge

ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ සේවාවන් ව්‍යාප්ත කිරීමේ අටියෙන් ගරු ක්‍රීඩා ආමත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සුරතින් 2013 ජුලි 08 වැනි දින ශරීරසුවතා උපදේශන ඒකකය විවෘත කරන ලදි. මෙම ඒකකය මඟින් පොදු මහජනතාව වෙත සිරුරේ පවත්වා ගත යුතු ජල හා මාංශ ප්‍රතිශතය, BMI අගය උසට සරිලන බර ප්‍රමාණය, හැඩැති සිහින් උදරයක් පවත්වා ගැනීමට කටයුතු කලයුතු අකාරය ආදීය පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාදෙයි. එමෙන්ම පෝෂණය පිළිබඳ උපදේශන සහ තමන්ට ගැලපෙන ශාරීරික ව්‍යායාම හඳුනාගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම සපයනු ලබයි.

 

මෙම අලුතින් ආරම්භ කරන ලද ශාරීර සුවතා උපදේශන ඒකකයත් සමඟ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි දේශන වැඩමුළු සහ ශරීරසුවතා කඳවුරු පවත්වමින් රටපුරා සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය බලපොරොත්තු වෙයි.මෙම වැඩසහනින් අපේක්ෂ කරනුයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හා නිරෝගී මානිසික නිරෝගීභාවය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙහි වැඩකිරීමේ ශක්තිය ඉහළ නංවාලීමයි.

 

 
 
ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ශරීරසුවතා ඒකකය විසින් සංවිධානය කරන ලද ශරීර සුවතා වැඩමුළුවක් 2013 අගෝස්තු මස 05 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහභගිත්වයෙන් පැවැත්වු උ‍ළෙලේ පැවැති වැඩමුළුවට 60 දෙනෙකුට ආසන්න රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් සහභාගී විය‍. මෙම නිලධාරීන් උදෙසා පැවැත්වු ස්වායු ව්‍යායාම වැඩමුළුවලදී සිරුරේ මේද ප්‍රතිශතය ලබගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබු අතර ජල සහ මාංශීය ප්‍රතිශතය ගණනය කිරීමට, BMI අගය ලබා ගැනීමට, උසට අදාලව පවත්වාගත යුතු සිරුරේ බර පිළිබඳ තොරතුරු ලබාදීමට ආදී තොරතුරු සැපයීමට කටයුතු කරන ලදි. පෝෂණය සහ මානසික සෞඛ්‍යය පිළිබඳ දේශනද මෙහිදී පැවැත්වීය සතිපතා ශාරීරික ව්‍යායාම වැඩසහන ඉදිරියට පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී දැඩි අවධානයට ලක්විය.
 
 
 

Copyright © 2012 NISS. All Rights Reserved. Site by Sri Lanka Telecom (Services).