මුල් පිටුව
අප පිළිබඳව
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ආයතනික ව්‍යුහය
පාඨමාලා
වෙනත් සේවාවන
CSR
පුහුණු වැඩසටහන්
නියමිත වැඩසටහන්
ඉල්ලීම මත වැඩසටහන්
අපගේ පහසුකම්
දළ විශ්ලේෂණය
පුස්තකාලය
සම්ම්න්ත්‍රණ ශාලාව
දේශන ශාලාව
ශක්ති වර්ධන ශාලාව
ඩාන්ස් ඒරෝබික්ස්
විභාග ප්‍රතිඵල
වාර්තා
ජාතික වාර්තා
අන්තර්ජාතික වාර්තා
ක්‍රීඩා කලාභවන
ඡායාරූප
වීඩියෝ
අප අමතන්න
අප පිළිබඳව
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනයේ ප්‍රමුඛතම ආයතනය ජාතික ක්‍රීඩා විද්‍යායතනයයි. 1973 අංක 25 දරණ ක්‍රීඩා නිතී විධි විධාන යටතේ "ක්‍රීඩා පාසල" නමින් පිහිටවු එය 1978 වර්ෂයේ සිට පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ සිය වැඩ කටයුතු ආරම්භ කරන ලදී. 1996 වර්ෂයේදී ගෙන ආ පාර්ලිමේන්තු පනතක විධවිධාන මඟින් මුලිකව සකස් කල ක්‍රීඩා නිතිය සංශෝධනය මෙම ආයතනය "ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය" ලෙස නම් කරන ලදි. 1992 වසරේ සිටම මෙම ආයතනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අනුබද්ධ ආයතනයක් ලෙද කටයුතු කර ඇත. ජාතික ක්‍රීඩා විද්‍යා ආයතයනය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රිඩා අමාත්‍යාංශය යටතේ සිය වැඩ කටයුතු අරඹන්නේ 2006 ජනවාරි 01 වැනි දින සිටය. මෙම ආයතනය මඟින් ක්‍රීඩා අධ්‍යාපන අවශ්‍යතා සපුරාගන්නා පිරිස් අතරට ක්‍රීඩා අමාත්‍යාංශය, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභා, සන්නද්ධ හමුදා, පොලිස් දෙපාර්තමේන්තුව වැනි විවිධ රාජ්‍ය ආයතනයන්හි සේවය කරන්නන්ද එක්ව සිටී. ආයතනයේ ප්‍රධාන අධ්‍යාපනික වැඩ කටයුතු අතරට ක්‍රීඩා ඩිප්ලොමාව (වසර 01) ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන උසස් ඩිප්ලෝමාව, (06 මාසික) ක්‍රීඩා කළමනාකරණය සඳහාවන සහතික පත්‍ර පාඨමාලා සහ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා පවත්වන කෙටිකාලීන පාඨමාලා ආදිය ද ගැනේ. එයට අමතරව ක්‍රීඩා කේෂත්රයේ ඉල්ලුමට සහ අවශ්‍යතාවන්ට අනුකූලවන පරිදි සකස්කල ශාරීරික යෝග්‍යතා පාඨමාලාවන්, වැඩමුළු, සම්මන්ත්රණ සහ දේශන ආදියද ආයතනය විසින් පවත්වනු ලබයි. නුදුරු අනාගතයේදී ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය දේශිය හෝ විදේශිය විශ්ව විද්‍යාලයක් සමඟ අනුබද්ධිතව අංග සම්පුර්ණ උපාධි පාඨමාලාවක් පවත්වන ආයතනයක් බවට පත්කිරීමේ කටයුතු සිදුවෙමින් පවති.