ජාතික ක්‍රීඩා විද්‍යා අයතනය ක්‍රීඩා අධ්‍යාපනයට හා ක්‍රීඩා ආශ්රිත ක්රියාකාරකසම් සඳහා මහඟු තෝතැන්නක් බවට පත් කිරීම පිණිස අවශ්‍යවන පහසුකම් සහ අනුග්රහශීලී වාතාවරණයක් අප විසින් පිරිනමා ඇත.
ක්‍රීඩා පුස්තකාලය 1980 වර්ෂයේදී පිහිටවනු ලැබූවේ ක්‍රීඩා ක්ෂේත්රවේ නියැලි වෘත්තිකයන්ට, සහභාගිවන්නන්ට හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයනට අවශ්‍ය න්‍යායික සහ තාක්ෂණික දැනුම වැඩි දියුණු කරලීමේ අරමුණ පෙරදැරිවය. ක්‍රීඩා විද්‍යාව සහ ඊට අදාළ අනෙකුත් විෂයයන් වන වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව සහ කළමනාකරණය ආදියෙන් සමන්විත වූ අපගේ අගනා පුස්තක එකතුව ග්රන්ථ 7500 ද ඉක්මවයි. ක්‍රීඩා සහ තරග ආශ්රිත තාක්ෂණික සඟරා 40 කට වැඩි ප්රමාණයකටදායකත්වය උසුලයි. 1994 වර්ෂයේදී, ජාත්‍යන්තර ක්‍රීඩා සහ තොරතුරු මධ්‍යස්ථානයේ නාමාවලිය මඟින් ආසියානු කලාපයේ හොඳම පුස්තකාල අතර 7 වැනි ස්ථානයට මෙම පුස්තකාලය නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ තිබෙන එකම ක්‍රීඩා පර්යේෂණ පුස්තකාලය ද මෙයයි. 2009 වර්ෂවෙය්දී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මඟින් ප්‍රථම ශ්‍රෙණියේ දෙපාර්තමේන්තු පුස්තකාල තත්ත්වය මෙම පුස්තකාලයට පිරි නමා තිබේ.