English|தமிழ்

STATE MINISTRY OF RURAL AND SCHOOL SPORTS INFRASTRUCTURE IMPROVEMENT

  • මුල් පිටුව
  • අප පිළිබඳව
    • අපගේ පැතිකඩ
    • දැක්ම සහ මෙහෙවර
    • ආයතනික ව්‍යුහය
    • පාඨමාලා
    • වෙනත් සේවාවන
    • CSR
  • පුහුණු වැඩසටහන්
    • නියමිත වැඩසටහන්
    • ඉල්ලීම මත වැඩසටහන්
  • අපගේ පහසුකම්
    • දළ විශ්ලේෂණය
    • පුස්තකාලය
    • සම්මන්ත්‍රණ ශාලාව
    • දේශන ශාලාව
    • ශක්ති වර්ධන ශාලාව
    • ඩාන්ස් ඒරෝබික්ස්
  • විභාග ප්‍රතිඵල
  • වාර්තා
    • ජාතික වාර්තා
    • අන්තර්ජාතික වාර්තා
  • ක්‍රීඩා කලාභවන
    • ඡායාරූප
    • වීඩියෝ
  • අප අමතන්න

පුහුණු පාඨමාලා

 
      ක්‍රීඩා අධ්‍යාපන ඩිප්ලෝමාව
      උසස් පුහුණුකරු පාඨමාලා (මලල ක්‍රීඩා/ වොලිබෝල්/පාපන්දු/දැල්පන්දු)
      ක්‍රීඩා කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලා
      ක්‍රීඩා පුහුණුකරුවන් සඳහාවන කෙටිකාලීන පාඨමාලා (වොලිබෝල්/පාපන්දු/දැල්පන්දු)
 
 
     01. ක්‍රීඩා අධ්‍යාපන ඩිප්ලෝමාව
 

පුරා දශක තුනහමාරකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන මෙම පාඨමාලාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපන කේෂත්‍රයේ ඇත්තේ ඉතා ඉහළ පිළිගැනිමකි. මෙම පාඨමාලාව හැදෑරු අපගේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩා නිළධාරීන් වශයෙන්ද රජයේ සහ පෞද්ගලික අංශයන්හි ශාරීරික අභ්‍යාස පුහුණුකරුවන් වශයෙන්ද දිවයින පුරා සේවයේ නියුක්තව සිටී. රාජ්‍ය අංශයේ රැකියාවන්ට බඳවා ගැනීමේදී සහ උසස්වීම් ලබා ගැනීමේදී මෙම ඩිප්ලෝමාව සපුරාලිය යුතු අවශ්‍යතාවක්ව පවතී. ලිඛිත විභාගයකින් පසුව ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා තරඟකාරී තොරාගැනිමේ ක්‍රියාවලියක් පදනම් කරගෙන මෙම පාඨමාලාව හැදෑරීම සඳහා අයදුම්කරුවන්ගෙන් සුදුස්සන් තොරා ගනු ලබයි. වාර්ෂිකව රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මඟින් අයදුම් පත්‍ර කැඳවනු ලබයි.
Duration  : 12 months ( Full Time Course)
 පාඨමාලාවේ සංයුතිය   :
 
i.  සාමාන්‍ය පුහුණු සිද්ධාන්ත  -   පුහුණු ප්‍රතිපත්ති, ශක්ති පද්ධති, පුහුණු ක්‍රමවේද, යොග්‍ය පුහුණු ප්‍රමාණ, ශාරීරික යෝග්‍යතාව, පුහුණු සැලසම්
ii.  අනිවාර්ය ක්‍රීඩා  -  වොලිබෝල්, දැල්පන්දු, පාපන්දු, ජිම්නාස්ටික්, බාස්කට් බෝල්, කබඩි, පිහිනුම්, ක්‍රිකට්, බර ඉසලීම, ජුඩෝ, බැඩ්මින්ටන් යනාදිය
iii  තොරාගන්නා ක්‍රීඩා  - හොකී, ටා - ක්වොන් - ඩෝ, කරාතේ, මල්ලව පොර
iv  මලල ක්‍රීඩා  -  කෙටි, මධ්‍යම සහ දිගුදුර දිවීම, ජවන හා පිටිය නිතීරීති, විසිකිරීමේ සහ පැනීමේ ක්‍රීඩි ඉසව්
v.  විශේෂඥ දැනුමක් ලබාගත යුතු ක්‍රීඩා  -  වොලිබෝල්/ දැල්පන්දු/ පාපන්දු
vi  උපකාරක විෂයන්  -   ව්‍යායාම භෞතවේදය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, සංඛ්‍යානය, පෝෂණවේදය, ජීව රසායන විද්‍යාව, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හා ප්‍රථමාධාර,   ක්‍රීඩා ජීව යාන්ත්‍රණය
   
Download Application Form  >>  
   
TOP
 
      02. පුහුණුකරු උසස් ඩිප්ලෝමාව ( මලල ක්‍රීඩා/වොලිබෝල්/ පාපන්දු/ දැල්පන්දු)
 
මෙම පාඨමාලාවන් සකසා ඇත්තේ පුහුණුකරුවනට තමන්ට අදාල ක්‍රීඩාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීම සඳහාය‍. මෙය මාස තුනක අධ්‍යාපන කටයුතු සහ ඉන් අනතුරුව කේෂත්‍ර වැඩ කටයුතු වලින් සමන්විතය. .
 
TOP
 
      03. ක්‍රීඩා කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව
   
ක්‍රීඩා කේෂත්‍රයේ නියලෙන කළමනාකරුවන්ට සහ පරිපාලකයන්ට අදාල දැනුම සහ කුසලතා සපයාදීම මෙම පාඨමාලාවෙන් සිදුවේ. මෙම පාඨමාලව අදියර තුනකින් යුක්තව මෙහෙයවනු ලබන අතර සෑම අදියරක්ම මාස තුනක අධ්‍යයන ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ.
   
TOP
 
      04. ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන කෙටිකාලීන පාඨමාලා (වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු)
   
ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වර්තමාන දැනුම යාවත්කාලීන කිරීම මෙම පාඨමාලවන්ගෙන් සිදුවෙන අතර මය ක්‍රීඩාවේ නව ප්‍රවණතා හඳුනාගැනීම සඳහා උදාවන අවස්ථාවක් ද වනු ඇත.
   
TOP
 

Copyright © 2012 NISS. All Rights Reserved. Site by Sri Lanka Telecom (Services).